
Latest Update News In Divisional Secretariat Galnewa 







පොසොන් පොහොය වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවති අයිස් ක්‍රීම් දන්සල
=====================
ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය නිලධාරීන් විසින් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල මෙවරත් කාර්යාලය ඉදිරිපිට දී පැවැත් වුණා.
ගල්නෑව ප්‍රාදේශිය ලේකම් ජි.එම්.කේ.ආර්. ප්‍රියදර්ශන මහතා උපදෙස් හා මගපෙන්වීම අනුව සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරිකා සේනාරත්න මහත්මිය ඇතුළු කාර්යාලීය නිලධාරීන්ගේ සහයෝගය මේ සඳහා හිමි විය.


ගල්නෑව කොට්ඨාසයේ දිළිඳුකම පිටුදැකීමේ අරමුණින් ආරම්භ වූ කිරි ආශ්රිත නිෂ්පාදන ව්‍යාපෘතිය.
====================
ප්‍රජා ශක්ති වැඩසටහනට අනුව දිළඳුකම පිටුදැකීම යටතේ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඔටුණුපැළඳිගම ග්‍රාම නිලධාරි වසමේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවාලීමේ අරමුණින් කිරි ආශ්රිත නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ විය.
ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අවසන් වසර ඉගෙනුම ලබන සී.ආර්.එම්.නවීනා තත්සරණී වත්තේවැව ශිෂ්‍යාවගේ ප්‍රජා වැඩ පුහුණුවට අදාළව මෙම ව්‍යාපෘතිය ආරම්භ විය.
ගල්නෑව ප්‍රාදේශිය ලේකම් ජී.එම්.කේ.ආර්.ප්‍රියදර්ශන මහතාගේ මගපෙන්වීම යටතේ එම ශිෂ්‍යාවගේ මාස 6ක පුහුණු කාලය තුළ ව්‍යාපෘතිය සිදුකළේ ය.
ඔටුණුපැළඳිගම ග්‍රාම නිලධාරි වසමේ තෝරාගත් ප්‍රතිලාභීන්ට කිරි ආශ්රිත නිෂ්පාදන පිළිබඳ පුහුණුවක් ලබා දී තිබේ.
ොකිරි ආශ්රිත නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අලෙවිසැළක් ඉදි කර එය ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා වූ අවස්ථාව පසුගිය දා ගල්නෑව ප්‍රාදේශිය ලේකම් ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ෙප්රජාවගේ ආර්ථිකයට ශක්තියක් එක් කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මඟින් හෙළ ආහාර මඟින් මිනිසා සුපෝෂිත කිරීම, වයස් බේදයකින් තොරව රැකියා අවස්ථා නිර්මාණය වීම, මෙන්ම ආදර්ශ කිරි නිෂ්පාදන ගම්මානයක් ඇති කිරීම මෙයින් සිදු කිරීම අපේක්ෂිතයි. ඉදිරියේ දී ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ මෙය සංවර්ධනය කිරීමට නියමිතව ඇත.
ශ්‍රී මණ්ඩලාරාම විහාරස්ථානයේ ගෞරවණීය විහාරාධිපති ස්වාමින් වහන්සේ, ප්‍රදේශීය සභා මන්ත්‍රී විමලරත්න මහතා, ගල්නෑව සහකාර අධ්යක්ෂ ජී.ආර්.කේ. ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමණාකාර කපිල කුමාර මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ක්ෂේත්‍ර අධීක්ෂක සහන් ප්‍රේමරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාට සම්බන්ධ වූහ.

































